හිම්බා ගෝත්‍රය
උතුරු නැමීබියාවේ අතිශයින්ම දුෂ්කර ප්‍රදේශ වල ජීවත් වන හිම්බා ගෝත්‍රිකයන් ඉතා සුවිශේෂී ජන කොට්ඨාසයකි. මේ වන විට ඔවුන්ගේ ජන කොට්ඨාසය පනස් දාහක් පමණ වේ .මේ ගෝත්‍රිකයන් ගේ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරනු ලබන්නේ කාන්තා පාර්ශ්වයයි .මඩ සෝදා ගත් කල ගොවියා රජකමට ද සුදුසුයි යන්න කියමනක් ඇත .එසේම මට නො සෝදා ගත් කල රැජිනක් වන කතුන් ද ඇත .ඔවුන් හිම්බා ගෝත්‍රික කතුන් ය. මොවුන් කිසි දිනෙක ඇඟ සේදීම,ස්නානය කිරීම සිදු නොකරයි .මොවුන් අසල සිටින කිසි කෙනෙකුට නාසය වසා ගැනීම නොකළ යුතුයි. මන්ද යත් ඔවුන් මඩ සිරුරේ ආලේප කර පිරිසිදු වන බැවිනි. එය ඔවුන්ට අභිමානයක් ගෙන දේ යන්න ඔවුන් විශ්වාස කරයි. මොවුන් ඉතා සරල ජීවිතයක් මෙන්ම සාමූහික ව ජීවත් වන ජන කොට්ඨාසයකි. මොවුන් පරිසරයට ඉතා සංවේදී වේ. එහෙයින් ඔවුන් සරල ආර්ථික පිළිවෙතක් අනුගමනය කරයි. කෘෂිකර්මාන්තය පදනම් කරගත් ආර්ථිකයක් ඇත. එහිදී සත්ව පාලනය ප්‍රධාන තැනක් ගනී. බැටළුවන් ,එළුවන් හා ගවයන් ඇති කරන අතර ඔවුන් ඔවුන්ගේ වත් පොහොසත්කම මැන ගනු ලබන්නේ තමන් සතු ගවයන් ගණනෙනි.කිරි සහ මස් පරිභෝජනයට ගැනීමට වැඩි කැමැත්තක් දක්වන අතර මිලට්, බඩ ඉරිඟු ආදී බෝගයන් ද වගා කරයි. වර්ෂාවෙන් වගාවන් සිදු කරන අතර මීට අමතරව පැළෑටි කොළ සහ මී පැණි පරිසරයෙන් ලබා ගනී. මෙම ගෝත්‍රයේ වැඩි ජීවන බරක් දරනු ලබන්නේ වැඩිහිටි ගැහැනු සහ තරුණ ගැහැනු ළමයි .හිරු පෑයීමට ප්‍රථම වැඩ අරඹන හිම්බා කත හිරු බැස ගොස් හෝරා කිහිපයක් ගිය පසු විවේකය ලබා ගනී .පිරිමින්ට වඩා වැඩි වගකීම් ප්‍රමාණයක් ඔවුන්ට පැවරී ඇත. දරුවන් හදා වඩා ගැනීම, ආරක්ෂා කරගැනීම, ගමට වතුර ඇදීම,නිවාස වලට බදාම සෑදීම ,දර එකතු කිරීම ,සතුන්ට කැවීම ,පෙවීම මෙන්ම සතුන්ගෙන් කිරි දොවා ගැනීම ,කෑම පිසීම, ආහාර පානයෙන් සංග්‍රහ කටයුතු කිරීම, ගෙත්තම් කිරීම, ඇඳුම් පැලඳුම් ආභරණ සැකසීම සිදුකරයි. මෙහිදී සත්ව සම්වලින් ඇඳුම් සැකසීම සිදු කරනු ලබයි .ඔවුන් විසිතුරු ආභරණ පැළඳීමට කැමැත්තේය. ඒවා ඉතා සංකීර්ණ මෝස්තර රටාව හා වියමන් වලින් සමන්විත වේ. ඔවුන්ගේ දේශගුණයට ආවේණික ගැළපෙන විලාසිතාවන් අතර කොණ්ඩ විලාසිතා ප්‍රධාන තැනක් ගනියි. එළුවන්ගේ කෙඳි, බටර් හා මඩ මිශ්‍ර කොට සාදා ගන්නා මිශ්‍රණය කොණ්ඩය සඳහා භාවිතා කරයි. ඇතැම් විට මේ සඳහා ඉන්දියානුවන්ගේ කෙස් ද යොදා ගනී. හිම්බා කාන්තාවන්ගේ විවාහක අවිවාහක බව ,මල්වර වීම කොන්ඩ විලාසිතාවන් අනුව නිගමනය කළ හැක. විවාහයේදී පිරිමියෙකුට කාන්තාවන් ඕනෑම සංඛ්‍යාවක් හා කාන්තාවට ඕනෑම පිරිමින් සංඛ්‍යාවක් විවාහ කරගත හැකිය. මල්වර නොවූ දැරියක් මඩ නොතැවරී කොණ්ඩ කරල් දෙකකින්ද මල්වර වූ අලුත් දැරියක් මුහුණ වැසෙන සේ මඩ තැවරුණු කොණ්ඩ කරල් ගණනාවක් දමා සිටිනු දැකගත හැකිය .විවාහයට සුදුසු වයසේ තරුණියන් කොණ්ඩා කරල් කිහිපයක් මුහුණ ඉදිරියට ද පිටුපසට ද දමා ඇත .විවාහ වී වසරක් ගතවූ පසු දරුවකු බිහි කළ පසු මඩ තැවරූ කොණ්ඩා මෝස්තරයට අමතරව සත්ව සම්වලින් සෑදූ කුඩා ඔටුන්නක් හිස මුදුනේ සවිකර සිටී .කුඩා දරුවන්ගේ හිස තට්ටම බූ ගා ඇත. නිවුන් දරුවන්ගේ කොණ්ඩා කරලක් ඇත. අවිවාහක පිරිමි හිස කෙස් ගොතන්නේ තනි කරලට ය.එය හිස පිටුපස සිට ඉදිරියටය .විවාහක පිරිමි කොන්ණ්ඩය ගොතන්නේ නැත.ඔවුහු තොප්පියක් හෝ ජටාවක් හිසේ රඳවා රඳවාගනී. වැන්දඹු පිරිමි එසේ නොකරයි. ඔවුන් හිස බූ ගා ගැනීම සිදු කරයි. මාතෘ මූලික මෙන්ම පීතෘමූලික කණ්ඩායම් ද ඇත .පිරිමින්ට පැවරෙන්නේ සතුන් ප්‍රවාහය වැඩි කරගැනීම, සතුන් දඩයම් කිරීම, නිවසක් තනා ගැනීම .ඊට අමතරව ඔවුහු තමන් ජීවත් වන ප්‍රදේශය ආසන්නයේ ගම්වලට ගොස් එහි ප්‍රධානීන් සමග එක්ව ගැටලු නිරාකරණය කර ගනී. ජීවත් වීමට සුදුසු බිම් තෝරා ගන්නේ පිරිමින් විසින් ය. ඔවුන් ජීවත්වන්නේ උෂ්ණාධික කලාපය වන හෙයින් හිරු එළියෙන් තමන්ගේ සමට වන හානිය අවම කර ගන්නට ඔවුන් රතු මැටි හෙවත් යමුසු මැටි මිශ්‍රණය ශරීරවල හා හිසකෙස් වල තවරා ගනී. ඒ රතු පැහැය පොළොව සහ රුධිරය සංකේතවත් කරන බව ඔවුන් විශ්වාස කරයි. මුක්කුරු නැමැති දෙවි කෙනකෙනෙක් හැරුණු විට මියගිය මුතුන් මිත්තන් වන්දනා කිරීම සිදු කරන අතර ඊට අමතරව දෘශ්‍යමාන බලවේග විශ්වාස කරයි .කාන්තාවන් ලී කොට්ටාව වල නිදාගනියි. බටර් හා ඔක්රේ මිශ්‍රණය හිරු එළියෙන් හා කෘමීන්ගෙන් සම රැක ගැනීමට යොදා ගනී. මොවුන් වතුර ඇති කාලයට ඇඟ සෝදන අතර ඇඳුම් සේදීමට ජලය නොමැති නිසා ගස් වලින් සාදාගන්නා සේදුම් දියරයක් යොදා ගනී . මොවුන් අඳිනු ලබන්නේ කෙටි වස්ත්‍රය. හරක් සම්වලින් හෝ රෙදිවලින් සෑදූ කෙටි සායවල් ය .සෑම කාන්තාවකගේම ගෙලෙහි විශාල සුදු මාලයක් ඇත. එය වහුම්බා නමින් හඳුන්වයි .එය මවගෙන් දියණියට පාරම්පරිකව උරුම වේ .එය යකඩ හෝ තඹ වලින් තැනූ බර මාලයකි. ඕමන්ගේට් ඇට වලින් සෑදූ ආභරණවලට වැඩි කැමැත්තක් දක්වයි. ඒවා පැළඳ ඇවිදින විට ශබ්දයක් නැගේ. නමුත් ගෝලීයකරණයත් සමග තාක්ෂණය ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත වී ඇත. මොවුන්ගේ සමාජය ද නූතන නවීකරණ සමාජයට අනුගත වේ. එම නිසා ඔවුන්ද ලෝකයේ තවත් එක් සාමාන්‍ය ජන කොට්ඨාසයක් පමණක් වන්නට වැඩි වැඩිකල් යන්නේ නැත .


Ela❤️
ReplyDeleteNiyamai nanga.hodata karagena yanna
ReplyDeleteNiyamai
ReplyDelete👍👍🤟
ReplyDelete👍👍👍
ReplyDeleteEla
ReplyDeletesuper bn.👍
ReplyDelete