Posts

හිම්බා ගෝත්‍රය

Image
   උතුරු නැමීබියාවේ අතිශයින්ම දුෂ්කර ප්‍රදේශ වල ජීවත් වන හිම්බා ගෝත්‍රිකයන් ඉතා සුවිශේෂී ජන කොට්ඨාසයකි. මේ වන විට ඔවුන්ගේ ජන කොට්ඨාසය පනස් දාහක් පමණ වේ .මේ ගෝත්‍රිකයන් ගේ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරනු ලබන්නේ කාන්තා පාර්ශ්වයයි .මඩ සෝදා ගත් කල ගොවියා රජකමට ද සුදුසුයි යන්න කියමනක් ඇත .එසේම මට නො සෝදා ගත් කල රැජිනක් වන කතුන් ද ඇත .ඔවුන් හිම්බා ගෝත්‍රික කතුන් ය. මොවුන් කිසි දිනෙක ඇඟ සේදීම,ස්නානය කිරීම සිදු නොකරයි .මොවුන් අසල සිටින කිසි කෙනෙකුට නාසය වසා ගැනීම නොකළ යුතුයි. මන්ද යත් ඔවුන් මඩ සිරුරේ ආලේප කර පිරිසිදු වන බැවිනි. එය ඔවුන්ට අභිමානයක් ගෙන දේ යන්න ඔවුන් විශ්වාස කරයි. මොවුන් ඉතා සරල ජීවිතයක් මෙන්ම සාමූහික ව ජීවත් වන ජන කොට්ඨාසයකි. මොවුන් පරිසරයට ඉතා සංවේදී වේ. එහෙයින් ඔවුන් සරල ආර්ථික පිළිවෙතක් අනුගමනය කරයි. කෘෂිකර්මාන්තය පදනම් කරගත් ආර්ථිකයක් ඇත. එහිදී සත්ව පාලනය ප්‍රධාන තැනක් ගනී. බැටළුවන් ,එළුවන් හා ගවයන් ඇති කරන අතර ඔවුන් ඔවුන්ගේ වත් පොහොසත්කම මැන ගනු ලබන්නේ තමන් සතු ගවයන් ගණනෙනි.කිරි සහ මස් පරිභෝජනයට ගැනීමට වැඩි කැමැත්තක් දක්වන අතර මිලට්, බඩ ඉරිඟු ආදී බෝගයන් ද වගා කර...

ශ්‍රී ලංකාවේ රූප පෙට්ටියට ප්‍රතිපත්තියක් අවශ්‍ය ද ?

වගකීම් විරහිත මාධ්‍යකරණය ශ්‍රී ලංකාවේ කලක පටන් සිදු වන්නකි. රූපවාහිනිය ආරම්භ වූ දා සිට මේ තාක් ලෝකයේ බොහෝමයක් රටවල් රූපවාහිනිය සම්බන්ධ පර්යේෂණයන් රැසක් සිදු කර ඇත .මෙයින් 70% කට වැඩි සංඛ්‍යාවක් සදහා මාතෘකාව වී ඇත්තේ රූපවාහිනිය හා අපරාධ කරන යයි. 1994 දී පමණ රූපවාහිනිය හා අපරාධ යන තේමාව යටතේ ලෝකය පුරා අධ්‍යන පන්දාහකට වැඩියෙන් සිදු කර ඇත . මේ හරහා ළමා මනසට ප්‍රබල බලපෑම් එල්ල කරනු ලබයි. එමෙන්ම හින්දි ,දෙමළ ,ඉංග්‍රීසි චිත්‍රපට වල මිලේච්ච මිනිස් ඝාතන සේ ම සැබෑ වට සිදුවන මිනිස් ඝාතන ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා වාර්තාකරණය එක හා සමාන ලෙස ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබේ .විවිධ රූපවාහිනී නාලිකා තම තමන්ට ආවේණික මතවාදයන් සමාජගත කිරීම හාරහා ප්‍රතිපත්ති නැති රූපවාහිනී මාධ්‍ය වාර්තා කිරීමක් රට තුළ පවතී. එමනිසා ප්‍රතිපත්තියක් සකස් කරගැනීම වැදගත් වේ. ස්වයං වාරණය මාධ්‍යවේදියා සතුව පැවතිය යුතුය.ප්‍රතිපත්තියක් යනුවෙන් සරලව හඳුන්වන්නේ නිශ්චිත ක්ෂේත්‍රයක ඥානාත්මක ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට යම් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට ඉවහල් වන මාර්ගෝපදේශ යයි .විචක්ෂණතාවය , රාජ්‍ය පාලනයවිදි ආණ්ඩුව හෝ පක්ෂය උපයෝගී කරගන්නා ක්‍රිය...

ගී පද විවරණ

Image
  පෙර දිනයක මා පෙම් කළ යුවතිය   සිය පුතු නලවනවා   මගේම ගීයක් නැලැවිලි ස්වරයෙ   ඇතින් මතු වෙනවා.......    නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන   දයාව වෑහෙනවා   සිනාසුනෙමි මම අවිහිංසක   ඇය කෝල බැලුම් හෙලුවා ....   හිරුට සඳුට නොකියා හොර රහසේ   කාලය වියැකෙනවා   නෙත් අදහන්නටබැරි ලෙස රූසිරි   කෙමෙන් මැකී යනවා .....   එදා වගේ තවමත් වැට අද්දර   නා මල් පුබුදිනවා   නොකා නොබි දුක් වින්ඳ අතීතය  යළි මට සිහිවෙනවා ......   පද රචනය - සුනිල් සරත් පෙරේරා  සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව ගායනය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව            සත්‍ය චරිතයක් ඇසුරෙන් නිර්මාණය කල අපූරු පද පෙරළියක් ලෙස මෙම නිර්මාණය හැඳින්විය හැකිය. මෙම ගීතය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට ගැටලු පවති.මෙම ගීතයෙන් බොහෝ දෙනකු දෙනකු ගන්නා අදහස වන්නේ තමන් විසින් කලින් පෙම්කළ යුවතිය වෙනත් විවාහයක් සිදු කර තමන්ගේ දිය කියමින් සිය පුතු නල වන බවයි.නමුත් එය එසේ නොවෙයි...