හිම්බා ගෝත්‍රය
උතුරු නැමීබියාවේ අතිශයින්ම දුෂ්කර ප්‍රදේශ වල ජීවත් වන හිම්බා ගෝත්‍රිකයන් ඉතා සුවිශේෂී ජන කොට්ඨාසයකි. මේ වන විට ඔවුන්ගේ ජන කොට්ඨාසය පනස් දාහක් පමණ වේ .මේ ගෝත්‍රිකයන් ගේ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරනු ලබන්නේ කාන්තා පාර්ශ්වයයි .මඩ සෝදා ගත් කල ගොවියා රජකමට ද සුදුසුයි යන්න කියමනක් ඇත .එසේම මට නො සෝදා ගත් කල රැජිනක් වන කතුන් ද ඇත .ඔවුන් හිම්බා ගෝත්‍රික කතුන් ය. මොවුන් කිසි දිනෙක ඇඟ සේදීම,ස්නානය කිරීම සිදු නොකරයි .මොවුන් අසල සිටින කිසි කෙනෙකුට නාසය වසා ගැනීම නොකළ යුතුයි. මන්ද යත් ඔවුන් මඩ සිරුරේ ආලේප කර පිරිසිදු වන බැවිනි. එය ඔවුන්ට අභිමානයක් ගෙන දේ යන්න ඔවුන් විශ්වාස කරයි. මොවුන් ඉතා සරල ජීවිතයක් මෙන්ම සාමූහික ව ජීවත් වන ජන කොට්ඨාසයකි. මොවුන් පරිසරයට ඉතා සංවේදී වේ. එහෙයින් ඔවුන් සරල ආර්ථික පිළිවෙතක් අනුගමනය කරයි. කෘෂිකර්මාන්තය පදනම් කරගත් ආර්ථිකයක් ඇත. එහිදී සත්ව පාලනය ප්‍රධාන තැනක් ගනී. බැටළුවන් ,එළුවන් හා ගවයන් ඇති කරන අතර ඔවුන් ඔවුන්ගේ වත් පොහොසත්කම මැන ගනු ලබන්නේ තමන් සතු ගවයන් ගණනෙනි.කිරි සහ මස් පරිභෝජනයට ගැනීමට වැඩි කැමැත්තක් දක්වන අතර මිලට්, බඩ ඉරිඟු ආදී බෝගයන් ද වගා කර...