ගී පද විවරණ
පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙ
ඇතින් මතු වෙනවා.......
නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහිංසක
ඇය කෝල බැලුම් හෙලුවා ....
හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදහන්නටබැරි ලෙස රූසිරි
කෙමෙන් මැකී යනවා .....
එදා වගේ තවමත් වැට අද්දර
නා මල් පුබුදිනවා
නොකා නොබි දුක් වින්ඳ අතීතය
යළි මට සිහිවෙනවා ......
පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
ගායනය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
සත්‍ය චරිතයක් ඇසුරෙන් නිර්මාණය කල අපූරු පද පෙරළියක් ලෙස මෙම නිර්මාණය හැඳින්විය හැකිය. මෙම ගීතය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට ගැටලු පවති.මෙම ගීතයෙන් බොහෝ දෙනකු දෙනකු ගන්නා අදහස වන්නේ තමන් විසින් කලින් පෙම්කළ යුවතිය වෙනත් විවාහයක් සිදු කර තමන්ගේ දිය කියමින් සිය පුතු නල වන බවයි.නමුත් එය එසේ නොවෙයි .මේ ගීතය තුළින් ඉතා ගැඹුරු අදහසක් මතු කර දෙනු ලබයි.
මෙම ගීත පුරාවට ම පවතින්නේ බෞද්ධ ලක්ෂණයන්ය.අනිත්‍ය ,දුක්ඛ ,අනාත්ම යන ත්‍රි ලක්ෂණ මෙම ගීතයේ මනාව ගැබ් වී ඇත .ඔහුගේ සෑම ගීතයකම දැකිය හැකි පොදු ලක්ෂණයක් ලෙස කාලය ,අනිත්‍යතාව හා අනිත්‍යතාව එතුලින් මුසු වූ සුන්දරත්වය ගීතය හරහා ගෙන හැර දැක්වීමට ඔහු සමත් වී ඇත .
පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නලවනවා ...
අතීතය තමන් පෙම් කළ යුවතිය අද ඔහුගේ බිරිඳ බවට පත්වී තමන්ගේම පුතු නලවයි .පුතා මවට මෙන්ම මව පුතාටද පුතාට දක්වන්නේ දැඩි සෙනෙහසකි.තමන්ගේම පුතා නල වන ආකාරය හා ඔහුට දක්වන ආදරය උපේක්ෂා සහගත පියෙකු වශයෙන් ඔහු බලා සිටී .
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා .....
ඔහු විසින් රචනා කළ ගීයක් ඔහු කැමති ගිතයක් නැතහොත් ඔවුන් දෙදෙනා ප්‍රේම කළ කාලයේ ඔහු විසින් ඇයට කියූ ගීතයක් ඇය විසින් දරුවා නැළවීම සඳහා යොදා ගෙන ඇත .මේ වන විට එය නලවිලි ස්වරයෙන් ගයන්නට ඇයට හැකි වී ඇත .නමුත් මෙම ගීතයේ පවතින නිසි අර්ථය වටහා නොගන්නා පුද්ගලයා මෙය අනියම් ප්‍රේමයක ට සමාන කර දැක්වීම සිදු කරයි .
නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා ....
මාතෘත්වය ලැබෙන යුවතිය,යුවතිය යන භූමිකාව මරණයට පත්වේ කාන්තාව ගැහැණිය නැතිනම් මවගේ භූමිකාව ට පැමිණේ.තමන් පෙර දිනයේ පෙම්කළ යුවතිය දැන් මවක් වි සිය පුතුන් නලවයි .ක්ෂණයෙන් ජීවිත වෙනස් වීම ,පුද්ගලයාට ලැබෙන භූමිකාවන් ,එයට පුද්ගලයන්ට ගත වන ආකාරය මේ ගීතය තුළ අපූර්ව ලෙස දක්වා ඇත .නුරාව වෙනුවට දැන් ඇගෙන් ලැබෙන්නේ දයාව ,කරුණාවයි. මව තුළ සිව් බඹ විහරණය නැති බව මෙයින් පෙන්වයි.සැමියාගෙ සිනහව තුළ නෝනා ව පැවති නමුත් ඇයගේ බැල්ම තුළ නුරාව නොමැත.ඇය එයට ප්‍රතිචාර දැක්වූයේ කොල බැල්මකිනි.උපේක්ෂා සහගත සැමියෙක් සහ ආදරණීය බිරිඳක් මෙහි දී අපට හමුවේ .
හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකී යනවා ....
හිරුට සඳුට නොකියා කාලය කෙමෙන් ගමන් කරයි කාලය අපට නැවැත්විය නොහැක.කාලය යනු පුද්ගලයා වයසට ගෙන යන්නා වූ දෙයකි.කෙමෙන් කෙමෙන් වයසට ගොස් එදා පැවැති සුන්දර රූ සපුව දැන් දැකගත නොහැක. විශේෂයෙන් කාන්තාවක් දරුවකු ප්‍රසූත කිරීමෙන් පසුව වෙනස් වේ .අය තුළින් ඇයගේ සුන්දරත්වය ගිලිහී යයි.මෙම ස්වාමියා තමන්ගේ දරුවා වෙනුවෙන් ඇය දක්වන ආදරය සහ කරන්නා වූ කැප කිරීම බලා නිහතමානී සතුටක් අත් විඳිනු ලබයි .
එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පුබුදිනවා
නොකා නොබී නොබී දුක් වින්ද
අතීතය
යළි මට සිහිවෙනවා ...
අතීතය ඔවුන් දෙදෙනාගේ දුක් කම්කටොලු වලින් පිරුණා වූ ජීවිතය තුළින් නැගුනා වූලැබුණා වූ සුන්දර ආදර කතාව ඔහුට සිහිවිය. එදා පැවතියා වූ ඒ ආදරය අදත් ඒ අයුරින්ම පවතී.
"නා මල්පුබුදිනවා "යනුවෙන් අදහස් කරන්නේ ඔවුන් දෙදෙනාගේ නොබිඳුණු ආදරයයි මෙය සංකේතාත්මක බස් වහරකි කෙසේ නමුත් යුවතියකට කරන ක්‍රමයට වඩා උතුම් ආදරයක් දැන් ඔහුගෙන් ඇයට ලැබේ.නොකා නොබී නොබී දුක් වින්ද අතිතා වලියේ දී තමන්ගේ තනියට සිටිමින් මේ දක්වා ගෙවන්න ගෙවන්නා වූ සුන්දර යුග දිවිය ඔහුගේ මතකයට නැගෙන්නේ සිනහව පිරුණු සතුටකිනි.
නිමි...
"ප්‍රේමය ප්‍රේමය වූ කලී වචනාර්ථයක් දිය නොහැකි උත්තරීතර හැඟීමකි "

ලස්සනයි ...😊😊😊
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteLassanaiii
ReplyDeleteRasavindanaya kiyanne e e pudgalayage sithuvili anuva ethi vana deyak.oyaeka oya dekapu konayen assanata artha ganvala tiyanava.good luck nanga
ReplyDeleteLassanai 👍
ReplyDeleteLassanai 👍👍
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteMeke shamahara vachana veradiyata vedila tiyanava.eva harigassanna nanga.neththam oya kiyana deta vada venas arthayak enni.
ReplyDeleteLassanai..😍
ReplyDeleteLssnyy
ReplyDelete👍super
ReplyDeleteExcellent ❤😘
ReplyDeleteLassanai.❤️❤️
ReplyDeleteWenas widihe adahasak gitayata dila tiyenwa.godak lassanai👍
ReplyDelete💛💛💛
ReplyDeleteWow❤️
ReplyDelete