ශ්‍රී ලංකාවේ රූප පෙට්ටියට ප්‍රතිපත්තියක් අවශ්‍ය ද ?

වගකීම් විරහිත මාධ්‍යකරණය ශ්‍රී ලංකාවේ කලක පටන් සිදු වන්නකි. රූපවාහිනිය ආරම්භ වූ දා සිට මේ තාක් ලෝකයේ බොහෝමයක් රටවල් රූපවාහිනිය සම්බන්ධ පර්යේෂණයන් රැසක් සිදු කර ඇත .මෙයින් 70% කට වැඩි සංඛ්‍යාවක් සදහා මාතෘකාව වී ඇත්තේ රූපවාහිනිය හා අපරාධ කරන යයි. 1994 දී පමණ රූපවාහිනිය හා අපරාධ යන තේමාව යටතේ ලෝකය පුරා අධ්‍යන පන්දාහකට වැඩියෙන් සිදු කර ඇත . මේ හරහා ළමා මනසට ප්‍රබල බලපෑම් එල්ල කරනු ලබයි. එමෙන්ම හින්දි ,දෙමළ ,ඉංග්‍රීසි චිත්‍රපට වල මිලේච්ච මිනිස් ඝාතන සේ ම සැබෑ වට සිදුවන මිනිස් ඝාතන ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා වාර්තාකරණය එක හා සමාන ලෙස ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබේ .විවිධ රූපවාහිනී නාලිකා තම තමන්ට ආවේණික මතවාදයන් සමාජගත කිරීම හාරහා ප්‍රතිපත්ති නැති රූපවාහිනී මාධ්‍ය වාර්තා කිරීමක් රට තුළ පවතී. එමනිසා ප්‍රතිපත්තියක් සකස් කරගැනීම වැදගත් වේ. ස්වයං වාරණය මාධ්‍යවේදියා සතුව පැවතිය යුතුය.ප්‍රතිපත්තියක් යනුවෙන් සරලව හඳුන්වන්නේ නිශ්චිත ක්ෂේත්‍රයක ඥානාත්මක ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට යම් පුද්ගලයකුට හෝ කණ්ඩායමකට ඉවහල් වන මාර්ගෝපදේශ යයි .විචක්ෂණතාවය , රාජ්‍ය පාලනයවිදි ආණ්ඩුව හෝ පක්ෂය උපයෝගී කරගන්නා ක්‍රියාමාර්ග ලෙස එය විවිධ අනුවර්ත නාමයන් ගෙන් හැඳින්විය හැකිය .විවිධ ප්‍රතිපත්තින් දක්නට ලැබේ .ඒ අතර මාධ්‍ය ප්‍රතිපත්තිය අවශ්‍යවන්නේ මාධ්‍ය ක්‍රියාවලිය ඥානාන්විත ලෙස හැසිරවීම සඳහා මාර්ගෝපදේශයක් හෝ මාර්ගෝපදේශ මාලාවක් අනුගමනය කිරීම සඳහාය . මාධ්‍ය ප්‍රතිපත්තිය මාධ්‍ය වෘත්තිකයින්ට ම සකස් කරගත හැකි අතර ආණ්ඩුව හෝ පාලකයෙකු විසින් ද නිර්මාණය කළ හැක. ලෝකයේ බොහෝ රටවල් මාධ්‍ය ප්‍රතිපත්ති භාවිතා කරයි. මාධ්‍ය ප්‍රතිපත්ති බිහිවන්නේ පුද්ගලයාගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පදනම් කරගෙන ය .නමුත් නිදහස සීමා කරන ප්‍රතිපත්තීන් ද තිබිය යුතුවේ. සියලුම පුරවැසියන් ගරු කරන, අවනත වනු ලබන මාධ්‍ය ප්‍රතිපත්තියක් තිබිය යුතුවේ. ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් මාධ්‍ය ප්‍රතිපත්ති මාධ්‍යවේදීන්ට ම නිර්මාණය වී ඇත. ජනමාධ්‍ය අපේක්ෂාවන් ඉටු කර ගන්නවාට අමතරව සාරධර්ම සුරැකීම, නිවැරදිව කටයුතු කිරීම, විනිවිද පෙනෙන ආකාරයට ක්‍රියා කිරීම තිබීම වැදගත් වේ .ප්‍රතිපත්ති මාලාවක මූලික අංග කිහිපයක් පෙන්වා දිය හැක. 1-සත්‍ය හා නිවැරදි බව 2-සාධාරණත්වය 3-හානිය අවම කිරීම 4-ස්වාධීනත්වය සහ වගකීම් සහිත බව වර්තමානය වන විට බහුතර මාධ්‍ය ආයතනයන් මුදලට විකිණීම සිදු වේ. බොහෝ රූපවාහිනී නාලිකා අමු අමුවේ පක්ෂග්‍රාහී පුවත් බෙදීම සිදුකරනු ලබයි .බොහෝ මාධ්‍යවේදීන්ට අදාළ ආයතනයේ න්‍යාය පත්‍රයට අනුව වැඩ කිරීමට සිදු වේ. රැකියාව ඇතුලේ ඔවුනොවුන් සීමා වීමක් සිදුවේ.එම නිසා මාධ්‍ය නියාමනය කිරීමක් අවශ්‍ය වේ .නියාමනය යනු පාලනය කිරීමක් නොවේ .ආචාර ධර්ම පද්ධතියක් සමඟ නියාමනය වීම ඉතා වැදගත් වේ.රාජ්‍ය මෙන්ම පෞද්ගලිකයන දෙඅංශයටම පොදු ප්‍රතිපත්ති මාලාවක් ගෙන ඒම සිදු කළ යුතු වේ .ඒ හරහා මාධ්‍ය තුළින් සිදුවන්නා වූ අකටයුතුකම් නවතාලිය හැකි වේ.

Comments

Post a Comment

Popular posts from this blog

ගී පද විවරණ